ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

Report

වෙසක් පුන් පොහොය වෙනුවෙන් ශ්‍රී පාද උඩමළුවේ පිංකම් රැසක් පැවැත්වේ . පෙහෙවත් සමාදන්වීම සඳහා විශාල පිරිසක් ශ්‍රී පාද මළුව වෙත අද අළුයම වන විට පැමිණ තිබුණි.

ශ්‍රී පාදස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි පිංකම් පැවැත්වේ.

උඩමළුවේ දී සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි සැදැහැවතුන් පෙහෙවත් සමාදන් කරවීම සිදුකළේ පූජ්‍ය දොරපනේ සුමනජෝති ස්වාමින්වහන්සේ විසිනි.

වෙසක් සමරන්න අද කොළඹ එන ඔයාට විශේෂ දැනුම් දීමක්

වෙසක් සමරන්න අද කොළඹ එන ඔයාට විශේෂ දැනුම් දීමක්

අද (30) මධ්‍යම රාත්‍රීයෙන් ශ්‍රී පාද වන්දනා සමය අවසන් වේ ශ්‍රී පාද උඩමළුවේ හෙට උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව උඩමළුවේ තැනැපත් කර ඇති සධාතුක කරඩුව සහ දේවාභරණ පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීම සිදු කරනු ලබයි