ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉහළට - අද වෙළෙඳපොළේ කැපී පෙනෙන වෙනසක්
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ අද (28) ගනුදෙනු අවසන් කළේ ඉහළ යාමක් වාර්තා කරමිනි. කොළඹ කොටස් හුවමාරුවේ දත්ත අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 43.21කින් එනම් සියයට 0.20කින් ඉහළ ගොස් ඒකක 21,322.86කින් දිනය අවසන් කළේය.
එමෙන්ම, S&P SL20 දර්ශකයද ඒකක 20.37කින් හෙවත් සියයට 0.34කින් ඉහළ ගොස් ඒකක 6,015.18ක් ලෙස සටහන් විය. අද දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.2ක් ලෙස වාර්තා විය.
ASPI දර්ශකයේ ඉහළ යාමට වැඩිම දායකත්වයක් ලබාදුන් සමාගම් අතර Cargills, Hayleys, NTB, Haycarb සහ Commercial Bank ප්‍රමුඛ විය. Cargills කොටසක මිල රුපියල් 28කින් ඉහළ ගොස් රුපියල් 678.50ක් වූ අතර, Hayleys කොටසක මිල රුපියල් 2.50කින් ඉහළ ගොස් රුපියල් 229.25ක් විය.
NTB කොටසක මිල රුපියල් 7කින් ඉහළ ගොස් රුපියල් 313ක් ලෙසද, Haycarb කොටසක මිල රුපියල් 6.50කින් ඉහළ ගොස් රුපියල් 197.25ක් ලෙසද සටහන් විය. Commercial Bank කොටසක මිල රුපියලකින් ඉහළ ගොස් රුපියල් 203ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර, ASPI දර්ශකයට සෘණාත්මක බලපෑමක් එල්ල කළ ප්‍රධාන සමාගම වූයේ Sampath Bank වන අතර, එහි කොටසක මිල රුපියල් 1.75කින් පහළ ගොස් රුපියල් 138.25ක් විය.
Raigam Wayamba Salterns සමාගම කොටසකට ශත 25ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, Mahaweli Coconut Plantations සමාගම කොටසකට රුපියල් 3ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර තිබේ.
තවද, Arcasia Investment & Trading (Pvt) Ltd සහ ATX Partners (Pvt) Ltd විසින් Industrial Asphalts සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ ස්වේච්ඡා යෝජනාව අනිවාර්ය යෝජනාවක් බවට පත්වීමට නියමිත බව දැනුම් දී තිබේ.
Industrial Asphalts සමාගමේ ප්‍රධාන කොටස් හිමියන් දෙදෙනෙකු වන Ramanan Govindasamy සහ Srikumar Balasubramaniyam සතු සමස්ත සියයට 50.16ක කොටස් ප්‍රමාණය විකිණීමට එකඟ වීමත් සමඟ මෙම වෙනස සිදුවීමට නියමිතය.