නවදිල්ලියෙදී ජනපතිට තවත් ප්‍රබලයෙක් හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවරට පැමිණ සිටින අතරතුරදී අද (18) දින පෙරවරුවේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා හමුව ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව 'AI Impact Summit 2026' සඳහා සහභාගිවීමට ඊයේ දින ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත් විය.
ඒ එම සමුළුවට සහභාගී වීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කර තිබූ ආරාධනාවක් පිළිගනිමින්.