ජනපති ඉන්දියාව බලා දිවයිනෙන් පිටත් වෙයි
By Mithu
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබද ( A.I. Impact summit ) ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සදහා මේ වනවිට පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා නිල වශයෙන් සනාථ කළේය.
මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කර තිබුණි.
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද පස්වරු 02.05 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව සඳහන්.