සයිබර් අපරාධ කඳවුරු වල සිර වී සිටින ලාංකිකයන් ගැන අලුත්ම ආරංචිය මෙන්න. - රජයෙන් දැඩි අනතුරු ඇඟවීමකුත් නිකුත් කරයි.

Cyber Attack Ministry of Defense Sri Lanka Myanmar Sri Lanka Government
By Wayomi Aug 02, 2024 07:55 AM GMT
Wayomi

Wayomi

Report

නීති විරෝධී විදෙස් රැකියා ඒජන්තවරුන් මෙන්ම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන හරහා මියන්මාරයේ රැකියා සඳහා අනීතිකාව පිටත්ව ඇති ශ්‍රී ලාංකිකයින් පිරිසක් මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක නීති විරෝධීව බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට හෙළි වූ කරුණු වාර්තා කරමින් මියන්මාර්යයේ රැකියා සඳහා නීති විරෝධී මාර්ගවලින් යාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය සියලුම ශ්‍රී ලාංකිකයින්ට තරයේ අවවාද කරනවා.

මහින්ද - රනිල් යළි සාකච්ඡාවක. - මහින්ද ආපසු හැරෙයි. රනිල්ට සහාය දෙන්න යලි සූදානම්.? - (VIDEO)

මහින්ද - රනිල් යළි සාකච්ඡාවක. - මහින්ද ආපසු හැරෙයි. රනිල්ට සහාය දෙන්න යලි සූදානම්.? - (VIDEO)


ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් මෙවැනි අනතුරු හැඟවීම් කරන ලද පසුබිමක ශ්‍රී ලාංකිකයන් 89 දෙනෙකු නීති විරෝධී ලෙස මියන්මාරයේ රැකියා සඳහා ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර මහත් පරිශ්‍රමයකින් අනතුරුව එයින් ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු මේ වන විට නිදහස් කර ගැනීමට හැකිවී ඇත. කෙසේ වෙතත් මෙම අපරාධ ප්‍රදේශය තුළ තවමත් ශ්‍රී ලාංකිකයන් 54ර දෙනකු කොටුවී සිටින බවයි වාර්තා වන්නේ.

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)


ශ්‍රී ලංකා රජය මියන්මන් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මෙලෙස සිරවී සිටින පිරිස නිදහස් කර ගැනීමට සෑම උත්සාහයක්ම ගනිමින් සිටිනවා.

කෙසේ වෙතත් මෙම අනතුරු හැඟවීම සහ ඔවුන් මුදාගැනීමේ අඛණ්ඩ උත්සාහයන් නොතකා ඇතැම් පුද්ගලයින් නීති විරෝධී මාර්ග හරහා රැකියා සඳහා මියන්මාරයට යාමට තවදුරටත් පෙළඹෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 

ෂාරුක් පුතා ෂාරුක්ගේ ගේ මිලදී ගත් විශේෂ හේතුව. - (VIDEO)

ෂාරුක් පුතා ෂාරුක්ගේ ගේ මිලදී ගත් විශේෂ හේතුව. - (VIDEO)