ෂාරුක් පුතා ෂාරුක්ගේ ගේ මිලදී ගත් විශේෂ හේතුව. - (VIDEO)
By Wayomi
බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, සිය මව සහ පියා වරක් ජීවත්වූ දිල්ලි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක මහල් දෙකක් ඉන්දීය රුපියල් කෝටි 37 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 129 ක් පමණ) වියදමින් මිලදී ගෙන ඇති බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)
මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, ඒ සඳහා ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 2.64 ක මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඇති බවත් ෂාරුක් ඛාන් සිය රංගන දිවියේ මුල් අවධියේදී ගෞරි ඛාන් සමඟ මෙම ගොඩනැගිල්ලේ ජීවත්ව ඇති බවත් ආර්යන් ඛාන් මිලදී ගත් මහල් දෙක ගෞරි ඛාන් ඇයගේ අතින් අලංකාර කර ඇති බවත්ය.
එමනේම මෙම මහල් නිවාසයේ පහත මහල් දෙකේ අයිතිය ෂාරුක් ඛාන් සතු වන බවත් එම නිසා ආර්යන් ඛාන්ට මෙම ගොඩනැගිල්ලේ විශේෂ වැදගත්කමක් තිබෙන බවත් සඳහන්.