අනෝජන්ගේ ඉරණම වෙනස් වෙයිද? - මරණ දඬුවම ගැන සාකච්ඡාවට ශ්‍රී ලංකා නීතිඥයෝ එක්වෙති

Report

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතාගේ එම දඬුවම ඉවත් කරගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නීතිඥ කණ්ඩායමක් එක්ව සිටින බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන මහත්වරු එම සාකච්ඡාවට එක්ව සිටිති.

එම දූත මණ්ඩලයට ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී. මොහොමඩ් මහතාද එක්ව සිටින බව සඳහන් වේ.

මීට අමතරව නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්ඩීන් සිල්මි මහතාද මෙම දූත මණ්ඩලය නියෝජනය කරයි.

අනෝජන් මහතාට නියම වී ඇති මරණ දඬුවම ඉවත් කරගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම මෙම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකාවට සුබ පණිවුඩයක් - කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගනී

ශ්‍රී ලංකාවට සුබ පණිවුඩයක් - කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගනී

සුබආරංචියක් - මේ ජනතාවට රජයෙන් විශේෂ රක්ෂණයක්

සුබආරංචියක් - මේ ජනතාවට රජයෙන් විශේෂ රක්ෂණයක්