සුබආරංචියක් - මේ ජනතාවට රජයෙන් විශේෂ රක්ෂණයක්
පොල් වගාවට සිදුවන හානි සඳහා විධිමත් රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවැති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවැනි රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පොල් වගාවට දැඩි ලෙස බලපා ඇති සුදු මැස්සා උවදුර ඇතුළු වගා හානි පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. පොල් වගාවට සිදුවන හානි වෙනුවෙන් දැනට කිසිදු විධිමත් වගා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බැවින්, ඉදිරියේදී ඊට නිසි විසඳුමක් ලෙස මෙම රක්ෂණ හෝ වන්දි ක්‍රමවේදය සකස් කරන බව ඔහු පැහැදිලි කළේය.
සුළු මොහොතකට පෙර සිරිලිය වෙනුවෙන් ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට - හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා
එමෙන්ම වතු ආශ්රිත ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට නිලධාරීන්ගේ සක්‍රීය මැදිහත්වීම අවශ්‍ය බව අවධාරණය කළ අමාත්‍යවරයා, අමාත්‍යාංශය මගින් දැනට ආරම්භ කර ඇති “තැඹිලි ගම්මාන 250” වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් හැකි සෑම ප්රදේශයකටම ව්‍යාප්ත කරන ලෙස මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට ද අවධානය යොමු කළේය.