වසර එක හමාරකට පමණ පසු සුමේධ නැවත මින්නේරියට..

Report

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය ජාතික වන උද්‍යානය හා කවුඩුල්ල ජාතික වන උද්‍යානය නිජබිම කරගනිමින් සැරිසරන සුමේධ නම් දළ ඇතා මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්‍යානය නැවත පැමිණ සිටින අයුරු දක්නට ලැබී ඇත.

නැවතුම් පොළේදිත් නොනැවතී ධාවනය වූ බසය නිසා පහක් රෝහලේ(VIDEO).

නැවතුම් පොළේදිත් නොනැවතී ධාවනය වූ බසය නිසා පහක් රෝහලේ(VIDEO).

වසර එක හමාරකට පමණ පසු මෙලෙස සුමේධ ඇතා මින්නේරිය ජාතික වන උද්‍යානයට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් එම වන උද්‍යානයට නව සුන්දරත්වය ලැබී ඇති බව සංචාරකයෝ පවසති.

මින්නේරිය ජාතික වන උද්‍යානයට මෙම දළ ඇතා පැමිණ ඇති බව සැලවීමත් සමග එම දළ ඇතා දැක බලාගැනීමට දෙස් විදෙස් සංචාරකයින් හා එම ඇතා පිළිබදව අධ්‍යයනය කරනු ලබන පුද්ගලයින් මේ දිනවල මින්නේරිය ජාතික වන උද්‍යානයට පැමිණ සිටින අයුරු දැක ගත හැකි වේ.

19 හැවිරිදි තරුණයකුට දිවි අහිමි කල නොසිතූ අනතුර..

19 හැවිරිදි තරුණයකුට දිවි අහිමි කල නොසිතූ අනතුර..

වන සතුන්ගේ ආරක්ෂාවට තර්ජනය නොවන අයුරින් එම වන සතුන් නැරඹීම සඳහා මින්නේරිය ජාතික වන උද්‍යානයට පැමිණෙන ලෙස මින්නේරිය ජාතික වන උද්‍යානයේ නිලධාරීන් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

වසර එක හමාරකට පමණ පසු සුමේධ නැවත මින්නේරියට.. | Sri Lankan Elephant Sumedha