19 හැවිරිදි තරුණයකුට දිවි අහිමි කල නොසිතූ අනතුර..
By Piyumika
පොළොන්නරුව වැලිකන්ද නාමල්ගම ගම්මානයේ නිවසක සිට කුඹුරට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී අවුරුදු 19 ක් වයසැති තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද නාමල්ගම අංක 187 ලිපිනයේ පදිංචිව සිටි, ඒ.එම්. තනුක දිලංගනැමැති තරුණයෙකි.
ඔහු තවත් දෙදෙනකු සමග කුඹුරට යමින් සිටියදි කුඹුරකට අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බිවල පැටලී මෙම මරණය සිදු වී ඇති බව පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය පවසා සිටියේය .