ඉඩම උකසෙන් බේරාගන්න රන්මාල කොල්ල කෑ අයියා මලෝ මාට්ටු
පානදුර දකුණ පොලිසිය පවසන පරිදි, මහමග ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන්මාල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 සහ 26 අතර වන අතර, ඔවුන් පානදුර, කිරිබේරිය සහ මූණවල්වත්ත පාරේ පදිංචි වන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව පොලිසිය සඳහන් කළේය.
පෙරදී මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාරගතව සිටියදී ඔවුන්ට ඇප තැබීම සඳහා ඔවුන්ගේ මව විසින් ඉඩම උගස්කර රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී තිබුණි.
මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඉඩම සින්නවීමේ අවදානමක් ඇති වූ බැවින්, සැකකරුවන් රන්මාල කොල්ලකෑමට තීරණය කළ බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
මෙහිදී අලුබෝමුල්ල ප්‍රදේශයේ කාන්තාවකගේ පවුම් කාලක් පමණ වන රන් මාලයක් සහ පානදුර ප්‍රදේශයේ කාන්තාවකගේ පවුම් තුන්කාලක් පමණ වටිනා මාලයක් හා පෙන්ඩනයක් කොල්ල කා තිබේ. අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ රුපියල් 59,000 සහ රුපියල් 139,000 වටිනාකමින් උකස්කර ඇති අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.