ෆේස්බුක් පාටියක් ඇතුලේ හොද හොද සෙල්ලම් දාපු කෙල්ලෝ කොල්ලො 26ක් මාට්ටු
තෙල්දෙණිය පොලීසිය පවසන පරිදි, වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවැත්වෙන ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22ක් සහ සැකකාරියන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම අද (13) අලුයම් කාලයේ සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සමග අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මිලිග්රව්ය 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය 2769ක්, කොකේන් මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය 804ක්, මත්පෙති 13ක් සහ නීතිවිරෝධී දුම්වැටි 12ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 18ත් 31ත් අතර පසුවන අතර, ඔවුන් මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකාරියන් වයස අවුරුදු 21ත් 26ත් අතර පසුවන අතර, මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල සිටී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද දින තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.