කවුරුත් කතා වුණ ශ්‍රී ලංකා ටීම් එකේ ටයිම් අවුට් සැමරම ගැන මෙන්ඩිස් කට අරියි. - (VIDEO)
ඊයේ(09) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව එය සැමරීම සහ පසුව මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එහිදී ජයග්‍රහණයේ සතුට ශ්‍රී ලංකා කණ්ඩායම Time Out ක්‍රමයට සැමරීම පිළිබඳව බංග්ලාදේශ මාධ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්න කර සිටියා.
එහිදී කුසල් මෙන්ඩිස් කියා සිටියේ මෙවැන්නක්,
"මම හිතන්නේ කෙනෙක් ඒක කළා. මම දන්නේ නෑ ඒකට හේතුව, ඕන කෙනෙකුට තමන්ට ඕන විදියට සමරන්න පුළුවන්. ඒ වෙලාවේ හැමෝම සතුටු වුණා. ඒක නිසා ක්‍රීඩකයින් හැමෝම එය සමරුවා."