අලුතෙන් වාහන ගන්න අමාරු වෙයි - වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්

Report

වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් කොළඹ හා හම්බන්තොට වරායන්වල සිරවී තිබෙන ආනයනික මෝටර් රථ 2000 ක පමණ තොගය නිදහස් කර දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසා ඇත්තේ මේ වනවිට අදාළ වාහන තොගය නිදහස් කරගැනීමට නොහැකිව ඇත්තේ වාහන ආනයනයට අදාළ නිර්දේශ ඇතුළත් ගැසට්ටුවට පෙර මෙම වාහන ඇණවුම් කර තිබීම හේතුවෙන් බවයි.

වාහන මිල වැඩි වෙන්නේ නැහැ රැවටෙන්න එපා - වාහනේ විකුණගන්න බය කරනවා - වාහන මිල අඩු වෙන බව ඇමති කියයි

වාහන මිල වැඩි වෙන්නේ නැහැ රැවටෙන්න එපා - වාහනේ විකුණගන්න බය කරනවා - වාහන මිල අඩු වෙන බව ඇමති කියයි

වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වාහන ආනයනයට අදාළ සියලු මුදල් මේ වනවිට ගෙවා අවසන් බවත් වාහන තොගය නිදහස් කිරීමට අදාළ කොන්දේසිවලට යම් සහනයක් ලබාදී හෝ වාහන තොගය නිදහස් කර දෙන ලෙසයි.

ඒ මගින් රජයට අදාළ බදු මුදල් ලබාගත හැකි බවත් මෙම වාහන තොගය නිදහස් කරගත නොහැකිවීම හේතුවෙන් අලුතින් ගෙන එන වාහන තැන් තැන්වල ගාල් කර තැබීමට සිදුව ඇති බවත් ඔහු පවසයි.

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

හදිසියේම ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක් නැහැ

හදිසියේම ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක් නැහැ