කුණුකොල්ලෙට යන එළවළු - මිල බැස්ස එළවළු වල නව මිල මෙන්න

Report

ජාතික එළවළු වගා කරන්නන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ පවසන්නේ තොග ගැනුම්කරුවන් හරි අඩක්ම එළවළු තොග මිලදී ගැනීමෙන් ඉවත්වීම නිසා දිනපතා අවම වශයෙන් එළවළු හා පලතුරු කිලෝ ග්‍රෑම් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් අපතේ යන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රටපුරා දිනපතා ගනුදෙනු සිදු කෙරෙන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 13 ට ගොවි පවුල් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් එළවළු, පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදනය සපයන අතර ඊයේ (29 වැනිදා) දිනයේදී පමණක් එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 20ක් පමණ මධ්‍යස්ථානවලට සැපයූ බවයි.

ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනසක්

ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනසක්

ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමෙන් රටපුරා එළවළු තොග බෙදා හරින ලොරි රථ හිමියෝ සතියට වරක් හෝ දෙවරක් එළවළු මිලදී ගැනීමට පැමිණෙන බවත් අවම වශයෙන් සතියට දින 04ක් ඉන්ධන නොලැබීමෙන් ඉන් ඉවත්වී සිටින බවද ඔහු පවසා ඇත.

තරගකාරී මිල ගණන්වලට එළවළු මිලදී ගැනීමට තොග ගැනුම්කරුවන් නොපැමිණීමෙන් එළවළු තොග මිල කුණුකොල්ලෙට පහළ ගොස් ඇති බවත් ගොවීන් අවුරුදු සිහිනයක් වීම වැළැක්විය නොහැකි යැයිද සභාපතිවරයා පැවැසීය.

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය

කිලෝ ග්‍රෑම් එකක් සඳහා ඉහළම තොග මිල රුපියල් 120/- අමු මිරිස් සඳහා ලැබී තිබේ. එළවළු ගණනාවක තොග මිල රුපියල් 30ත් 120 අතර පැවැතිණි. තක්කාලි කිලෝවක් රුපියල් 30-40ක්, මෑ කරල් රුපියල් 40-50ක්, බීට් රුපියල් 40ක්, ​ගෝව රුපියල් 40ක්, මාළු මිරිස් රුපියල් 100ක්, වම්බටු රුපියල් 80-100ක්, මල් ගෝවා රුපියල් 80-100 තොග මිලකට අ​ලෙවි වූ බව සභාපතිවරයා පැවැසීය.

ඊශ්‍රායලය අනතුරේ - කාර්මික කලාපයකට ප්‍රහාර - රසායනික ද්‍රව්‍ය කාන්දුවීමේ අවදානමක් - නිවෙස් තුළම සිටින්නයි අනතුරු නිවේදන

ඊශ්‍රායලය අනතුරේ - කාර්මික කලාපයකට ප්‍රහාර - රසායනික ද්‍රව්‍ය කාන්දුවීමේ අවදානමක් - නිවෙස් තුළම සිටින්නයි අනතුරු නිවේදන