රට පුරා විදුලි බුබුළු එක් කෝටි අසූ ලක්ෂයක් එකවර නිවා දැමිය යුතුයි? රාත්‍රී 6 සිට ප්‍රධාන නගරවල වෙන්නේ මේකයි
බාල ගල්අඟුරු නිසා දෛනිකව සිදුවන පාඩුව පියවා ගැනීමට නම් රට පුරා විදුලි බුබුළු එක් කෝටි අසූ ලක්ෂයක් එකවර නිවා දැමිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රාදේශීය සභා මට්ටමින් සහ වෙළඳ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් විශේෂයෙන්ම රාත්‍රී 6 සිට 10 දක්වා වූ උපරිම විදුලි ඉල්ලුම පවතින කාලය තුළ ප්‍රධාන නගරවල සහ අතුරු නගරවල ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි අනවශ්‍ය විදුලි පහන් සහ වෙළඳ ප්‍රචාරක පුවරු සඳහා භාවිත කරන විදුලිය නිවා දමන ලෙසයි.
දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි
එසේම මහජනතාවට කළ හැකි සරල කැප කිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නිවෙස්වල දැල්වෙන විදුලි පහන් සංඛ්‍යාව සීමා කිරීම සහ රෙදි සෝදන යන්ත්‍ර වැනි විදුලිය වැඩිපුර වැයවන උපකරණ භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.