තවත් නරක ආරංචියක් - ලංකාවට එන මේ පිරිසත් අඩු වෙයි
2025 වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9.9%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව එම අධිකාරිය දන්වා ඇත්තේ ජුනි මාසෙය් දී මෙරට සංචාරය කර ඇති සමස්ත විදේශිකයින් සංඛ්‍යාව 124,551 ක් වුවත් එය 2025 වසරේ ජූනි මාසයේ 138,241ක් අගයක් ගත් බවයි.
එසේම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අනුව, 2026 පළමු භාගය සඳහා මුළු පැමිණීම් 1,146,573 ක් සිදුව ඇත.
එමෙන්ම ජුනි මාසයේදී ඉන්දියාව විශාලතම මූලාශ්‍ර වෙළඳපොළ වශයෙන් පැවතුන අතර, එහිදී පැමිණීම් 43,423 ක් එනම් 35% ක කොටසක් දායක වී තිබුණා.
තවද එක්සත් රාජධානිය සංචාරකයින් 10,474 ක් (8%) සමඟින් පැමිණි අතර, ඕස්ට්‍රේලියාව 8,710, චීනය 8,224 සහ එක්සත් ජනපදය 3,806ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එමෙන්ම ප්‍රංශය, ජර්මනිය, බංග්ලාදේශය, මාලදිවයින සහ කැනඩාව ද ප්‍රධාන දායකයින් අතර වූ බව සඳහන්.
රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට