කොරියා රැකියාවට විසා මෙන්න - රජයෙන් ශ්‍රී ලාංකිකයන් යැවීම ක්‍රියාත්මකයි

Sri Lanka South Korea Job Opportunity Latest Headlines Sinhala news
By Ashfa Jul 01, 2025 07:36 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සඳහන් කරන්නේ, දකුණු කොරියාවේ E-8 වීසා යටතේ සෘතුමය රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම සක්‍රීය කිරීම සඳහා රජය දැන් ක්‍රියාත්මක වන බවය.

ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

SLBFE සභාපති කොසල වික්‍රමසිංහ මහතා පැවසුවේ, මෙම වැඩසටහන සඳහා වන යෝජනාව දැනටමත් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර, ඒක විධිමත් පියවරකට පත් වීමත් සමඟ දකුණු කොරියානු පළාත් හතරක් සමඟ අවබෝධතා ගිවිසුම් (MoUs) අත්සන් කිරීමට සූදානම් බවයි.

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න - නැතිනම් අනතුරේ

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න - නැතිනම් අනතුරේ

ඔහු වැඩිදුරටත් පැවසුවේ: “අපේ බලාපොරොත්තුව මෙහෙමයි – E-8 වීසා යටතේ පළමු ශ්‍රමික කණ්ඩායම මේ මස අවසානයට පෙර දකුණු කොරියාවට යවන්න. MoU හතරක් ජූලි 10ට පෙර අත්සන් කිරීමට අපි උත්සාහ කරනවා. මේකට හැමදේම සූදානම්.”

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

මෙම රැකියා සඳහා සියලු බඳවා ගැනීම් රජයම සිදු කරන බවත්, පෞද්ගලික සමාගම් කිසිසේත්ම සම්බන්ධ නොවන බවත් ඔහු අවධාරණය කළේය. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙසද වික්‍රමසිංහ මහතා ජනතාවට අනතුරු ඇඟවීය.

“දකුණු කොරියාවේ මේ වැඩසටහන නවතා දැම්මා කියලා අසත්‍ය ප්‍රචාරයක් තියෙනවා. හැබැයි එහෙම නෙවෙයි. අතිශයින් නීතිමය ක්‍රමවලට අනුව තාවකාලිකව නතර කරලා තිබුණා. කැබිනට් අනුමැතිය ලැබුනාම වැඩසටහන අලුත් MoU එකකින් විධිමත් කරනවා.”

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

විවෘත, සාධාරණ තේරීම් ක්‍රියාවලියක් ඇතිවන්නට පියවර ගන්නා බවද ඔහු පැවසීය. බඳවා ගැනීම් සම්බන්ධ තොරතුරු ජනතා සතු කිරීම, සහ මුදල් වංචාවන් වලට අවස්ථාවක් නොලැබෙන පරිදි ක්‍රියා කරනවා.

අපේක්ෂකයෝ කිසිදු තැරැව්කරුවෙකුට මුදල් ගෙවන්න නෑ.” E-8 වීසා ක්‍රමය යටතේ නීත්‍යානුකූලව දකුණු කොරියාවේ කෘෂිකාර්මික සහ සෘතුමය රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට වසරපුරා අවස්ථා ලැබෙයි.

මෙය ශ්‍රී ලංකා ශ්‍රම බලකායට විදේශගත වීමේ නව මාර්ගයක් විවෘත කිරීමත්, රටට විදේශ විනිමය ලබාදීමත් සඳහා වැදගත් පියවරකි.

ReeCha