බෙංගාල බොක්කේ තවත් අඩු පීඩන කලාපයක් - ඔක්තෝබර් 27, 28 වැසි ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
ශ්රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් එහි බලපෑම ක්රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.
අද (23) දිනයේදීත් දිවයිනේ ප්රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවත්, බෙංගාල බොක්ක ආශ්රිතව තවත් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බැවින් ඉදිරි දින කිහිපය තුළද වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදි අදහස් දැක්වු එතුමා
''ශ්රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට ශ්රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතිනවා. බටහිර දෙසට තමයි ගමන් කරමින් පවතින්නේ. එ සමගම මෙහි බලපැම ශ්රී ලංකාවේ කාලගුණයට ඇති වූ බලපෑම ක්රමයෙන් අවම වීමක් තමයි අපේක්ෂා කරන්නේ . කෙසේ නමුත්, අද දිනයේදීත් මේ බලපෑම පවතින නිසා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ඒ වගේම අනුරාධපුර වගේ දිස්ත්රික්කවල අද දවසේදී විටින් විට වැසි අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් එතරම් තද වැසි අපේක්ෂා කරන්නේ නැහැ. ඊට අමතරව සවස් කාලයේදී දිවයිනේ සෙසු ප්රදේශවල, විශේෂයෙන් නැගෙනහිර ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනයේදී පවතිනවා.
නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් - මේ දිස්ත්රික්ක සඳහා අද රාත්රී 10 තෙක් - ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුවෙන්න
ඒ සමඟම තවත් අලුත් අඩු පීඩන කලාපයක් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශය ආශ්රිතව, විශේෂයෙන් අන්දමන් දූපත් ආශ්රිතව වර්ධනය වීමේ හැකියාව අද දිනයේ පවතිනවා.මේ පද්ධතිය ක්රමයෙන් තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන් ඉදිරි දින කිහිපයේ. ඊළගට ශ්රී ලංකාවේ කාලගුණය කෙරෙහි මේ පද්ධතියෙහි බලපැම පවතිනවා.විශේෂයෙන් සෘජු බලපෑමක් නැති වුණත්, බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වන පද්ධතිය ඇදී යන සුළං ප්රවාහය ශ්රී ලංකාව හරහා පවතින (මේ නිසා ඉදිරි දින කිහිපයේ, විශේෂයෙන් ඔක්තෝබර් මාසේ 27, 28 පමණ දක්වා යන කාලය තුළ ශ්රී ලංකාවේ විශේෂයෙන් නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපට තවදුරටත් අපේක්ෂා කිරිමේ හැකියාව තියෙනවා. මේ බෙංගාල බොක්කේ වර්ධනය වන කැළඹිලි ස්භාවයත් සමග. මේ නිසා විශේෂයෙන් ඉදිරි දිනවල කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියන අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න කැමති. එවාගේම විශේෂයෙන්ම,මතක් කිරිමක් කරන්න ඕනේ විශේෂයෙන් මේ අන්දමන් දූපත් ආශ්රිතව බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වීමට නියමිත අඩු පීඩන කලාපය විශේෂයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින නිසා.
කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන, විශේෂයෙන් බහුදින ධීවර යාත්රා එම මුහුදු ප්රදේශවලට ගමන් කිරීමෙන් වළකින්න කියන මතක් කරනවා එවාගේම. දැනටමත් ඔබ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල යෙදෙනවා නම් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන ඉල්ලීම මේ මොහෝතේ කරන්න කැමති.ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව ධීවර සහ නාවික ප්රජාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක ඉල්ලා සිටිනවා." "ඔව්, පසුගිය පැය 24 ගත්තොත් විශේෂයෙන් දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි වාර්තා වෙනවා. අපිට මිලිමීටර් 100 ඉක්මවූ වැසි වාර්තා වෙනවා, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව වයඹ වගේ පළත්වල.මේ නිසා ඇත්තටම ඒ ප්රදේශවල දැනට නම් වැසි තත්වය යම් අඩුවීමක් තිබුණත්, අද දිනයේදීත් වැසි අපේක්ෂා කිරිමේ හැකියාව පවතින නිසා කළ හැකි නිසා විශේෂයෙන් ගංගා නිම්න ආශ්රිතව එවාගේම, නායයෑම් අනතුරු සහිත ප්රදේශවල සහ එවාගේම කඳුබෑවුම් ආශ්රිතව ජීවත්වන ජනතාව තවදුරටත් අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි නැවතත් මතක් කරන්න කැමති.''