ගුරුවරුන්ගෙන් නව රජයට රතු එළියක්..යළි පාරට බහින බව දැනුම්දෙයි.

Report

වත්මන් රජය බලයට ගෙන ඒමට ඡන්දය දුන් ගුරුවරුන්ගේ ඉල්ලීම්වලට රජය ඇහුම්කන් නොදුනහොත් එම ඉල්ලීම් ඉටුකර ගැනීමට පාරට බැසීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියා සිටිනවා.

වත්මන් රජය ආණ්ඩුවේ ලේකම්වරුන් පත් කිරීමේදී අදක්ෂයන්ට තැනක් දී ඇති බවයි, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

කටක,වෘශ්චික ,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් ඉන්න..නැතිනම් වෙන දේ මෙන්න.

කටක,වෘශ්චික ,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් ඉන්න..නැතිනම් වෙන දේ මෙන්න.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ, චෝදනා ඇති බොහෝ නිලධාරීන් යළිදු නව ආණ්ඩුවේ ලේකම්වරුන් ලෙස දිවුරුම් දීම තම සංගමය කිසිසේත් අනුමත නොකරන බවයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් කියා සිටියේ..

"අලුත් ආණ්ඩුව මේ වෙනකොට අමාත්‍යාංශ පාලනය කරන්න ලේකම්වරු පත් කරලා තියෙනවා. මේ ලේකම්වරු පත් කිරීම ගැන ඇත්තටම අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ.

රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන ලේකම්වරයාට විරුද්ධව චෝදනා තියනවා. ඔහු බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා විදිහට ඉන්නකොට ඔහුට තිබුණු චෝදනා සම්බන්ධයෙන් විගණන වාර්තා පවා තියෙනවා.

එහෙම චෝදනා තියෙන කෙනක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට පත්වෙලා. ඔතන ඉන්න සමහර ලේකම්වරුන්ගේ අදක්ෂතාවන් අපි හොඳට දැකලා තියෙනවා. එහෙම අදක්ෂ අයම තමයි ආයෙත් පත් කරලා තියෙන්නේ.

මේක අපිට බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුව පැත්තෙන් ඒ පත්කිරීම්වලට හේතු තියෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ අය සම්බන්ධයෙන් තීරණයක් ගනියි කියලා.

පොලීසියේ ඉහළ පුටුවේ වෙනසක් වෙන්න යයි..නොසිතූ කෙනෙක් පත් වෙයි?.එම පුද්ගලයා මෙන්න.

පොලීසියේ ඉහළ පුටුවේ වෙනසක් වෙන්න යයි..නොසිතූ කෙනෙක් පත් වෙයි?.එම පුද්ගලයා මෙන්න.


ලංකා ගුරු සංගමය කවදාවත් පක්ෂයකට වෙන් වූ වෘත්තීය සමිතියක් නෙවෙයි. අපි ගුරු විදුහල්පති සන්ධානය විදිහට තමයි ලංකා ගුරුසේවා සංගමය සහ අනිත් සංගම් එක්ක එකට එකතුවෙලා මේ ගුරු අරගල කළේ.

මේ වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයක් විදිහටත් විශාල ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා.

මේ ප්‍රශ්න විසඳනවට අමතරව ප්‍රධානම ගැටලුව තියෙන්නේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙක ලබා දීම. බලයට පත් වුණු රජයේ වගකීම තමයි ඒ ඉල්ලීම ඉටු කිරීම.

වත්මන් ආණ්ඩුව පත්වෙලා දවස් කීපයක් වෙන්න පුළුවන්. ඒත් තව මහ මැතිවරණයකුත් නොවැම්බර් මාසේ තියෙනවානේ. එතකොට එයාල කියයි ඡන්දෙ තියලා රට ස්ථාවර වුණාට පස්සේ පොරොන්දු ඉටු කරන්නම් කියලා.

එහෙම කියලා කට වහගෙන ඉන්න අපිට නම් බැහැ. අනුර කුමාර රජයටත් වගකීමක් තියෙනවා අපේ ගැටලු විසඳන්න. රට ස්ථාවර වෙනවත් එක්කම ඊට සමාන්තරව අපේ ගැටලුත් විසඳන්න ඕනේ.

එහෙම නැතුව අරක වෙනකම් මේක වෙනකන් කියලා අපිට ඉන්න බැහැ. අපි බලමු එයාලා කොහොමද එයාලගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ කියලා.

අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. අපේ ප්‍රශ්නවලට විසඳුම් නොදුන්නොත් අපි ආයෙත් පාරට බහිනවා" යැයි ඔහු කීවේය.