රජයේ රෝහල්වල නව ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ වෙයි

Report

රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍ර කර ආරම්භ කිරීමට නියමිතය. සාකච්ඡාවට අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා, පරිපාලන නිලධාරීන්, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ වෛද්‍යවරුන්, පෝෂණවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අඳුරු ආදරයක්, රුදුරු අනාගතයක් - 17 හැවිරිදි තරුණයාගේ පාපොච්චාරණය

අඳුරු ආදරයක්, රුදුරු අනාගතයක් - 17 හැවිරිදි තරුණයාගේ පාපොච්චාරණය

ඇමැතිවරයා පැවසුවේ, රෝගීන්ට ලබාදෙන ආහාරවල ගුණාත්මකභාවය සහ ඒවා ලබාදෙන ක්‍රමවේදය වෙනස් කළ යුතු බවත්, වාර්ෂිකව රෝහල්වල ආහාර සඳහා විශාල මුදලක් වැය වුවත්, එයින් රෝගීන් තෘප්තිමත්ද යන්න ගැටළු සහගත බවත්ය. නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහලේ සිට ආරම්භ කර, පසුව සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

අපේක්ෂා රෝහලේ නවීන මුළුතැන්ගෙයකට කාර්ය මණ්ඩල හිඟය, පුහුණුව අවශ්‍යතාවය සහ මුළුතැන්ගෙය “ආහාර පාන දෙපාර්තමේන්තුව” ලෙස නම් කිරීමේ යෝජනාව මතු විය.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

රෝගීන්ට රුචිකර ආහාර ලබාදීම සඳහා බත්, එළවළු, මස් හෝ මාළු වෙන වෙනම බෙදූ පිඟානක පිරිනැමීමටත්, රෝහල්වල මුළුතැන්ගෙවල් නවීකරණය කර, වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක උඳුන් ඇතුළු නවීන උපකරණ ලබාදීමටත් යෝජනා විය. ඇමැතිවරයා මතු වූ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කිරීමට කටයුතු කරන බව අවධාරණය කළේය.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?