'ශ්‍රී ලංකාව ඉන්දීය ජනතාව සමඟයි' - දිල්ලියේ පිපිරිම ගැන ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

Report

දිල්ලි නුවර ඊයේ (10) සවස රතු බලකොටුව අසල සිදුවූ බිහිසුණු මෝටර් රථ පිපිරීමෙන් මියගිය අහිංසක ජීවිත ගැනත්, දැනටත් ජීවිත ගැන සටන් කරන තුවාලකරුවන් ගැනත් ගැඹුරු ශෝකය පළ කරමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ‘X’ සමාජ ජාලයේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

“දිල්ලියේ ඊයේ සිදුවූ මාරක පිපිරීමේ පුවත ඇසූ වහාම මගේ හදවත කම්පා වුණා. මේ දුකේ වේලාවේ ශ්‍රී ලංකාව ඉන්දීය සහෝදර ජනතාව සමඟ එක හදවතින් සිටිනවා. මියගිය අයගේ ආත්මය සාමය ලැබේවා! තුවාලකරුවන් ඉක්මනින් සුවපත් වේවා! අපේ සියලු හැඟීම් හා යාඥාවන් ඔබ සමඟයි.”  

දැන් හරිනේ - භයානක බෝම්බ ප්‍රහාරයට දෙදෙනෙක් අත්අඩංගුවට

දැන් හරිනේ - භයානක බෝම්බ ප්‍රහාරයට දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ නිදහසේ සහ ඓතිහාසික උරුමයේ අමරණීය සංකේතය වන රතු බලකොටුවෙන් මීටර් 200කටත් අඩු දුරකින් මෙම බෝම්බ පිපිරීම සිදුව තිබේ. මේ වන විට මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාලකරුවන් 38ක් රෝහල්ගත කර තිබේ. ඉන් 11කගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

දිල්ලි කාර් පිපිරීමෙන් මෝදි කම්පනයට

දිල්ලි කාර් පිපිරීමෙන් මෝදි කම්පනයට

 මේ අතර, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද මෙම ප්‍රහාරය “කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හෙළා දකිමින් සියලු වරදකරුවන් නීතිය හමුවේ සිටින බවට සහතික වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මෙලෙස වහාම ප්‍රතිචාර දැක්වීම ඉන්දියාවේ මාධ්‍ය හා සමාජ ජාලයේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, “අසල්වැසි රටකින් ලැබුණු උණුසුම්ම සහෝදරත්වය” ලෙස බොහෝ දෙනෙක් ප්‍රශංසා කරමින් සිටිති.

දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන තවත් ඉහළට

දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන තවත් ඉහළට

දිල්ලි අගනුවරේ ප්‍රබල පිපිරීමක් - 8ක් මරුට

දිල්ලි අගනුවරේ ප්‍රබල පිපිරීමක් - 8ක් මරුට