ලංකාවෙන් සිම්බාබ්වේට ලකුණු 299ක ඉලක්කයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින තරගය හරාරේ හිදී දැනටමත් පැවැත්වෙමින් පවතී.
ඒ අනුව එහිදී කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක සෝන් විලියම්ස්ගේ ආරාධනය පරිදි පළමුවට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල තම පන්දු වාර 50 අවසානයේ දී කඩුළු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
