ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලාංකික දරුවන් සම්බන්ධයෙන් කම්පන සහගත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඊයේ(26) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම කරුණ අනාවරණය විය. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර සියදිවි නසාගැනීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින බව කාර්යාංශය පෙන්වා දී ඇත.
ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය අධික ලෙස භාවිතා කිරීම නිසා ඇති වන දෙමාපිය-ළමා සබඳතාවයේ විරසකය ඊට හේතුව විය හැකි බව වෛද්‍යවරු පවසති.
අවුරුදු 10 සහ 19 අතර වයස් කාණ්ඩය නව යෞවන වියේ පසුවන අතර, මෙරට ජනගහණය වන මිලියන 22 කින් 3.5% පමණ එම කාණ්ඩයට අයත්ය.
මෙම වයස් කාණ්ඩය තුළ දරුවන්ගේ කායික, මානසික සහ සමාජීය චර්යාවලියන් වඩාත් ශීඝ්‍ර වෙනස්වීමක් සිදු වන අතර, එම නිසා මෙම අවධියට විශේෂ අවධානයක් යොමු කිරීමට වෛද්‍යවරුන් ඉඟි කරනවා.
‘ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණය’ යන පර්යේෂණයක් 2024 වසරේදී, වයස 13 සිට 17 අතර පාසල් සිසුන් 2585 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, මීට පෙර 2016 වසරේදීද මෙවැනි සමීක්ෂණයක් පැවැත්වීමේදී දත්ත එකතු කළා.
මෙවර සමීක්ෂණයේදී දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය පිළිබඳ ගැටළු රැසක් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගිය ‘ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණය’ ආරම්භක වාර්තා අනුව, පාසල් සිසුන් අතරින් 21.4%ක් අඩු බර සහිතව, 12.1%ක් අධි බර සහිතව සහ 3%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව හෙළිවී තිබේ.
ඉහත සමීක්ෂණයේ අනුව, සිසුන් 4.3%ක් නිවෙස් තුළ ආහාර හිඟකම නිසා උදෑසන ආහාරයේ නැවත කුසගින්නේ ගෙවාදමන බවත් වාර්තා වී ඇත. මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් තවත් කාරණා කිහිපයක් ද අනාවරණය වී තිබේ.
විශේෂයෙන්, පසුගිය වසර තුළ 22.4%ක් පිරිසකට බොහෝවිට හෝ සෑම විටම තනිකමක් දැනී ඇති බව සහ 7.5%කට සමීප යහළුවන් නොමැති බව හෙළිවී ඇත. Depression හෙවත් විෂාධය ඇති සිසුන්ගේ ගණන 18%ක් ලෙස පෙනී සිටී.

අධිකරණයේ පෙනී ඉන්නැයි නාමල්ට නියෝග ලැබුණු විට ක්ලබ් එකේදි ඇඟේ හයිය පෙන්වූ යෝෂිතගේ හොංචයියෝ නීතියට භාරවෙයි
ඉතා අවාසනාවකට, 15.4%ක් සිසුන් දිවි නසාගැනීමට තදින් පෙළඹී ඇති අතර, 9.6%ක් සිතා ඇති බවත් පෙන්වා දෙනවා. තවද, 5.7%ක් දුම්පානය කරන බව සහ 5.3%ක් මත්පැන් පානය කරන බව සොයාගෙන ඇත.
එමෙන්ම, 2016 වසරට සාපේක්ෂව මෙම සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ යාමක් ඇතිවී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතයද වැඩිවී ඇති බව සහ 3.2%ක් ගංජා භාවිත කරන බවද සොයාගෙන ඇත.
එමෙන්ම, පසුගිය මාසයේ ගංජා භාවිතා කරන සිසුන් 2.1%ක් වාර්තා වී තිබේ. පාසල් දිනවල, 63%ක් සිසුන් නිදා ගන්නේ පැය 8කට වඩා අඩුවෙන් බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය, නින්ද අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, ගැටලුවක් බව වෛද්‍යවරුන් පවසති.
අවසන්ව, 28.4%ක් දරුවන් දිනකට පැය තුනකට අධික කාලයක් ජංගම දුරකථන හරහා අන්තර්ජාල හෝ සමාජ මාධ්‍ය භාවිතා කරන බව හෙළි වී ඇත. එවක්, මව්පියන්ගෙන් සිය දරුවන්ගේ හැසිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට වෛද්‍යවරු ඉල්ලා සිටී.
