ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යයි

Report

2026 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.5ක් දක්වා ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් මහත්මිය පවසයි.

ලෝක කොටස් වෙළඳපළ ඉහළට

ලෝක කොටස් වෙළඳපළ ඉහළට

ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි දැක්ම එළිදක්වමින් ඇය මේ බව සඳහන් කළාය. පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පෙන්වා දුන් ලිලියා අලෙක්සාන්යාන් මහත්මිය පැවසුවේ මේ වසරේදී එම අගය 3.9ක් ගනු ඇති බවයි.

එමෙන්ම මෙහිදී විශේෂයෙන්ම ඇය පෙන්වා දුන් කරුණක් වන්නේ, චීනය මේ වසරේදී එම අගය 4.7ක් ගනු ඇතැයිද 2026දී එය 4.3ක් දක්වා අඩු වනු ඇති බවයි.

බංග්ලාදේශය මේ වසරේදී එම අගය 3.9ක් ගනු ඇතැයිද 2026 වසරේදී බංග්ලාදේශය 5.1ක් කරා එනු ඇති බවද ඇය පුරෝකථනය කළාය. එමෙන්ම ඉන්දියාව මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතය 6.7ක් ගනු ඇති බවත්, එය 2026 වසරේදී 6.8ක් ගනු ඇති බවත් ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් වැඩිදුරටත් සඳහන් කළාය.

චෙන්නායි නායකයා වෙනුවට 17 හැවිරිදි ආයුෂ් සංචිතයට කැඳවයි

චෙන්නායි නායකයා වෙනුවට 17 හැවිරිදි ආයුෂ් සංචිතයට කැඳවයි