රුපියල ගැන මහ බැංකුවෙන් නරක ආරංචියක්
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, ඉකුත් ජූනි 26 වැනි දින වන විට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වසරේ මේ දක්වා 8.0%කින් අවප්‍රමාණය වී ඇති බව සඳහන්.
එසේම මහ බැංකුවේ විනිමය අනුපාතිකයන්ට අනුව ජූනි 26 වැනි දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 332.22ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 341.88ක් ලෙසත් සටහන් ව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඩොලරයේ සාමාන්‍ය විනිමය අනුපාතිකය රුපියල් 337.05ක් වූ බවයි.
එය ඉකුත් වසරේ පැවති රුපියල් 300.04ක සාමාන්‍ය අගයට වඩා කැපී පෙනෙන ඉහළ යාමක් බව ද සඳහන්.