ලංකාවේ සමාජ රෝග ගැන භයානක අනාවරණයක්
අද (5) රැස්වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ සායන 41ක් දිවයින පුරා පවත්වන බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒවායේ HIV ඒඩ්ස් ආසාදිතයින් 4,771ක්, සිෆිලීස් රෝගීන් 1,469ක් සහ හර්පීස් රෝගීන් 2,891 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර ඒඩ්ස් රෝගය වැළැක්වීම සඳහා ලබා දෙන ඖෂධයෙන් මේ වනවිට පෙති 36,421ක් පවතින බවත්, එය මාස හතරකට ප්‍රමාණවත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.