විශ්‍රාමික රාජ්‍ය සේවකයා අනතුරේ - වැටුප් වැඩිකරාට විශ්‍රාම වැටුප් වැඩිවීමක් නැහැ

Report

අද දින (17) රැස්වූ පාර්ලිමේන්තුවේදි විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනට පවතින ගැටලු කිහිපයක් උපුටා දැක්වීය. එහිදී රාජ්‍ය සේවකයන් මුහුණ දෙන විශ්‍රාම ගැටලු විශාල අර්බුදයක් බව ඔහු විසින් පැහැදිලි කර ඇත.

පවතින රජය විසින් දැනට රටේ සිටින හත්ලක්ශ පනස්දහසකට ආසන්න විශ්‍රාමිකයන්ගේ වැටුප් සදහා ගෙන ඇති පියවර පිලිබදව ඔහු ප්‍රශ්ණ නැගුවේය.මේ වනවිටත් බී.සී.පෙරේරා කමිටුවේ රාජ්‍ය සේවකයන්ට 60%ක වැටුප් වැඩිවීමක් , ශ්‍රී ලංකා ගුරු විදුහල්පති උපදේශක සේවාවන්ට ලබා නොදීම මගින් දැඩි විෂමතාවක් නිර්මාණය වී ඇති බව පැවසුවේය.

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

එමෙන්ම සුබෝදිනී කමිටුව 20%කින් එය වැඩි කර ඇති නමුත් එය 2022 ජනවාරි මස පළමු වෙනිදා සිට සක්‍රීය සේවයේ නියුතු අයට පමණක් බලපෑම තුළින් විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ට වැටුප් ගැලපීමක් හෝ සහනයක් නොලැබුණු බව ඔහු පෙන්වා දෙයි.

ජනපති විශ්‍රාමිකයන් අමතා ඒ සියලු ගැටලු විසදන බව පැවසුවද රටේ ගුරු හා විදුහල්පති විශ්‍රාම වැටුපට තවමත් පිළිතුරක් නොමැති බව ඔහු පවසයි. එමෙන්ම 2025- 2027 වැටුප් වැඩිවීමක් කලද 2020 - 2024 කාලය තුළ විශ්‍රාම ගිය එක්ලක්ෂ පනස් හතරදහසකට තවමත් සහනයක් නොමැති බව ඔහු පවසයි.

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

2025 අප්‍රේල් පලමු දිනට පෙර එනම් ජනවාරි සිට මාර්තු අග දක්වා විශ්‍රාම ගිය පිරිසටද මෙම සහනය ලැබෙන බවත් 2020-2024 කාලය තුල විශ්‍රාම ගිය පිරිසට ගැලපීමක් නොකිරීම නිසා විශ්‍රාමිකයන් මේ වනවිට අසරණ වී ඇති බව ඔහු පැවසීය. මේ හේතුවෙන් පීඩාවට පත් විශ්‍රාමික ජනතාවට විසදුමක් ලබා දෙන මෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර ඇත.

දවස් 19කට මත්පැන් විකිණීම සපුරා තහනම් - සිංහල අවුරුද්දටත් මත්පැන් නැතිවෙන ලකුණු

දවස් 19කට මත්පැන් විකිණීම සපුරා තහනම් - සිංහල අවුරුද්දටත් මත්පැන් නැතිවෙන ලකුණු

පෞද්ගලික අංශයේ මේ වැටුප් ප්‍රශ්න වෙනුවෙන් සියලුම ආයත වෙත ලිපියක් - වැටුප් නොලැබුණොත් කළ යුත්තේ මෙයයි

පෞද්ගලික අංශයේ මේ වැටුප් ප්‍රශ්න වෙනුවෙන් සියලුම ආයත වෙත ලිපියක් - වැටුප් නොලැබුණොත් කළ යුත්තේ මෙයයි