රටම ගිනිගනී - ලංකාවම අධික වියළි කාලගුණයෙන් පීඩාවට - ජලාශ හිදී අවදානම් තත්ත්වයක
By Ashfa
පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශ රැසක ජල මට්ටම් මේ වන විට තවදුරටත් පහළ යමින් පවතියි. ඒ අනුව, සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය සියයට 18ක් දක්වා අඩු වී ඇති අතර, හුරුළු වැවේ ජල මට්ටම දැක්වුණේ සියයට 24ක් ලෙසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඇතිමලේ වැව සියයට 5ක්ද, මොරවැව සියයට 9ක්ද, වෙහෙරගල ජලාශය සියයට 15ක්ද, කවුඩුල්ල වැව සියයට 20ක්ද, පදවිය වැව සියයට 22ක්ද, තබ්බෝව වැව සියයට 28ක් වශයෙන්ද ජල ධාරිතාවය අඩු වී ඇති බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේදීත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.
ඒ අනුව නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ඇත.