ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සුබ ආරංචියක් සමඟ අසුබ ආරංචියකුත් දන්වයි
මේ වසරේ මුල් මාස 2 තුළ විදේශ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂමය පදනම මත සියයට 32 ක වර්ධනයක් වාර්තාකර ඇති බව මහ බැංකුව දැනුම් දී ඇත.
ඒ අනුව පෙබරවාරි අවසන් වන විට මිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7. 3 ක් වූ අතර වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය සියයට 1. 6 ක් බව වාර්තා වේ.
මහ බැංකුව රුපියල මෙසේ අවප්‍රමාණය වීමට හේතු ලෙස පෙන්වා දෙන්නේ 2026 පෙබරවාරි අග භාගයේදී මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මතුවූ බාහිර අංශයේ පීඩනයන් බවයි.
තවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මුල් මාස දෙකේදී රථවාහන ආනයනයේ මුළු වියදම ඩොලර් මිලියන 418 ක් බවයි.