ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 03 වන තැනට එයි..දකුණු කොරියාව සහ ජපානය 01 සහ 02 හිමිවෙයි..රටටම ආඩම්බරයක්..

By Aruna Aug 04, 2024 04:35 AM GMT
Report

වන ගහනය 30% පවත්වාගෙන යන ලොව මුල් රටවල් තුන අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසනවා.

ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ දකුණු කොරියාව සහ ජපානය යන රවටල් දෙක පමණක් බවයි කාරක සභාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වාදී ඇත්තේ.

අද අලුයම අම්පාර යුද පිටියක් වූ හේතුව හෙළිවෙයි..වෙඩි ප්‍රහාර වලින් පොලිසියේ 02ක් සහ කතුන් 02ක් මරුට..

අද අලුයම අම්පාර යුද පිටියක් වූ හේතුව හෙළිවෙයි..වෙඩි ප්‍රහාර වලින් පොලිසියේ 02ක් සහ කතුන් 02ක් මරුට..


ලෝක‍යේ රටවල් තුළ පවතින වනාන්තරවල ප්‍රතිශතය 31% ලෙස සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් බව පැවසීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය ගැසට් නොකිරීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් විමසා තිබේ.

2018 වන විට හෙක්ටයාර මිලියන 01.4 ක පමණ වනාන්තර ගැසට් කර ඇති බවත් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකළ වනාන්තර හෙක්ටයාර දෙලක්ෂ පනස්දහසක් පමණ පවතින බවත් ඊට පිළිතුරු ලබාදෙමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේය.

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි..

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි..


ඒ අනුව එම ගැසට් නොකළ වනාන්තර හැකි ඉක්මනින් ගැසට් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී කාරක සභාව උපදෙස් ලබාදී තිබේ.