අද අලුයම අම්පාර යුද පිටියක් වූ හේතුව හෙළිවෙයි..වෙඩි ප්‍රහාර වලින් පොලිසියේ 02ක් සහ කතුන් 02ක් මරුට..

Report

අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයෙකුට වෙඩි තබා ඝාතන කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 33ක අයෙක්.

ඉන් අනතුරුව අදාළ වෙඩි තැබීම සිදු කළ නිලධාරියා ද සියදිවි නසාගෙන ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි..

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි..


මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ, මොණරාගල කරාඩුගල පොලිසියේ සේවය කරන කොස්තාපල් වරයෙක්.

මෙම වෙඩි තැබීම සිදු කිරීමෙන් පැයකට පසුව අදාළ පොලිස් කොස්තාපල්වරයා සියදිවි නසාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර අද (04) අලුයම 3:30ට පමණ ඉඟිනියාගල පොලිස් වසමේ හදබිම නෙල්ලි ප්‍රදේශයේ මවක් සහ දියණියකටද වෙඩි තැබීමක් සිදුව තිබෙන බවද පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 17 සහ 54 යන වයස් කාණ්ඩවල පසු වූ කාන්තාවන් දෙදෙනෙක්.

මොණරාගල, කරඬුගල පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.

එම වෙඩිතබාගැනීම සිදුව ඇත්තේ අද (04) අලුයම 4:10ට බවද පොලිසිය සඳහන් කළා.

එම පොලිස් නිලධාරියා 42 හැවිරිදි පුද්ගලයකු බවයි සඳහන් වන්නේ.

සුළං සමග වැසි තත්ත්වයේ වැඩි වීමක්.. කාලගුණයෙන් අනාවැකියක්..

සුළං සමග වැසි තත්ත්වයේ වැඩි වීමක්.. කාලගුණයෙන් අනාවැකියක්..


සිය දිවි නසා ගත් පොලිස් නිලධාරියාම අද (04) අලුයම මෙම ඝාතන ත්‍රිත්වයම සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැකපලකරන්නේ.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, ඔවුන් අතර කිසිදු ඥාතී සම්බන්ධතාවයක් නොමැති අතර ඉඩම් ආරවුලක් මත මෙම වෙඩි තැනීම සිදු කර ඇති බවයි.