සංචාරය කරන්න ලොව හොඳම දුපත් වලින් පළමු තැන ලංකාවට

Report

ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන Big 7 Travel විසින් සම්පාදනය කරන ලද “ලොව හොඳම දූපත් 50” ලැයිස්තුවේ පළමු ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

මෙම ලැයිස්තුවෙන් 2025 වසර සඳහා ලොව අතිශයින්ම සිත් ඇදගන්නාසුළු දූපත් ගමනාන්තයන් ලැයිස්තුගත කර තිබෙනවා.

මෙම ලැයිස්තුවේ ප්‍රංශ පොලිනීසියාවේ පිහිටි මුවර් දූපත (Mo’orea), ඉක්වදෝරයේ ගලපගෝස් දූපත් (Galápagos Islands) සහ සීෂෙල්ස් (Seychelles) ඇතුළු දූපත් කිහිපයක් ශ්‍රී ලංකාවට අමතරව ඉහළම ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

ශ්‍රී ලංකාව මෙම කිරුළට පාත්‍ර වී ඇත්තේ ශ්‍රී ලංකාව සතු සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන සහ සුන්දර වෙරළ තීරයන්හි ඇති විශිෂ්ට සංකලනය හේතුවෙන් බවයි Big 7 Travel පවසන්නේ. මෙම දූපත් රාජ්‍යයේ අනන්‍ය වනජීවී අත්දැකීම්, පුරාණ විහාරස්ථාන, සශ්‍රීක තේ වතු සහ විචිත්‍රවත් දේශීය අත්දැකීම් ද මෙම ලැයිස්තුවේ ප්‍රශංසාවට ලක්ව ඇතැයි සඳහන් කර තිබෙනවා.

2025 ශ්‍රේණිගත කිරීම්වල ඉහළම දූපත් 10 පහතින්,

tiktok පෙම්වතාට බයික් අරන් දෙන්න සොරකමේ ගිය පෙම්වතිය

tiktok පෙම්වතාට බයික් අරන් දෙන්න සොරකමේ ගිය පෙම්වතිය

ශ්‍රී ලංකාව

මුවර් (Mo’orea), ප්‍රංශ පොලිනීසියාව

සොකෝත්‍රා (Socotra), යේමනය

මැඩෙයිරා (Madeira)

ගලපගෝස් (The Galápagos),ඉක්වදෝරය

ග්‍රේට් එක්සුමා (Great Exuma), බහමාස්

සීෂෙල්ස් (Seychelles)

ඇකිල් දූපත (Achill Island), අයර්ලන්තය

කෝ ලිපේ (Koh Lipe),තායිලන්තය

මිලෝස් (Milos), ග්‍රීසිය  

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා