ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්
මොරටුව ආතර් සී. ක්ලාක් මධ්යස්ථානය මඟින් 'Orionids' උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්රී ලාංකිකයින්ට ද රාත්රී අහසේ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව උදාවන බව සඳහන් කරයි.
ඒ අනුව එම මධ්යස්ථානය සඳහන් කරන්නේ සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී දැකගත හැකි මෙම උල්කාපාත වර්ෂාව ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි.
එසේම මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය වන්නේ සුප්රකට ‘හැලීගේ ධූමකේතුව’ (Halley’s Comet) සෞරග්රහ මණ්ඩලය හරහා ගමන් කිරීමේදී ඉතිරි කර යන දූවිලි හා කුඩා පාෂාණ අංශු පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී යාමෙන් බව සඳහන්.
පාරිභෝගික ආරක්ෂාවට ඉතා වැදගත් - දිවයිනේ දිස්ත්රික්ක 20ක් වටලයි - මේ ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග සියල්ල නිලධාරීන් භාරයට
මෙම අංශු තත්පරයට කිලෝමීටර් 66ක පමණ වේගයකින් වායුගෝලයට ඇතුළු වන අතර අහසේ වේගයෙන් ඇදී යන දීප්තිමත් ආලෝක ධාරා වශයෙන් දිස් වෙයි.
ඒ අනුව පැහැදිලි අහසක් පවතින රාත්රියක මධ්යම රාත්රියෙන් අනතුරුව, විශේෂයෙන් අලුයම් කාලයට ආසන්නව මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි වේ.
ආතර් සී. ක්ලාක් මධ්යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් විශේෂ දුරේක්ෂ හෝ වෙනත් උපකරණ අවශ්ය නොවන අතර, පියවි ඇසින්ම අහස නිරීක්ෂණය කිරීමෙන් උල්කාපාත දැකගත හැකි බවයි.