පොලිස් නිලධාරීන්ට වෙනම වැටුප් ව්‍යුහයක් ලබන අයවැයේදී

Sri Lanka Police Parliament of Sri Lanka Government Employee
By Gagana News Feb 28, 2025 09:32 AM GMT
Gagana News

Gagana News

Report

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියි.

අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා මේ වනවිට සැලසුම් සකස් කර ඇති බවය.

එමෙන්ම කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් අඩු කිරීමක් සිදුකර නැති බවත් අවුරුදු කිහිපයකට පසු මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

දැනට පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික වැටුප රුපියල් 29,540. ඒක මේ අවුරුද්දේ 44,293ක් වෙනවා.

ඒක මේ අවුරුද්දේ වැඩිවෙනවා 6,182ක්, පොලිස් සාජන්වරයෙකුට රුපියල් 6,441.54, SI කෙනෙකුට, 6551.72ක්, IP කෙනෙකුට 7040.24, CI කෙනෙකුට 7655.74ක් ASP කෙනෙකුට 8244.11, SP, SSP කෙනෙකුට 9,925ක්, DIG සීනියර් DIG, 11,118, IGP 13,223ක් මේ අවුරුද්දේ වැඩි වෙනවා.

ඊට අමතරව පොලිස් කොස්තාපල්වරයෙකුගේ දැනට තියෙන මූලික වැටුප 29,540 **වැටුප මේ අවුරුද්දේදී 44,293**ක් වෙනවා 2026**දී 46,921 වෙනවා 2027දී 49,550ක් වෙනවා අද මූලික වැටුප 29,540ක් තියෙන කොට 2027 වසරේදි 49,550ක් වෙනවා.

ඒ වගේම මේකට අදාළව අනෙකුත් දීමනාත් වැඩි වෙනවා.

අයවැයෙන් රජයේ සේවක පැතුම් සුන් වෙයි? වැටුප් වැඩිවීමක් ගැන ඇහෙන දේ

අයවැයෙන් රජයේ සේවක පැතුම් සුන් වෙයි? වැටුප් වැඩිවීමක් ගැන ඇහෙන දේ

පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹෙයි

පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹෙයි

ReeCha