පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹෙයි

By Gagana News Feb 28, 2025 04:51 AM GMT
Report

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.

විවාදය අද (28) පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිත අතර අරක්ෂක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදය අද සිදු කෙරෙයි.

මාර්තු 21 වන දින දක්වා කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිත අතර එදින පස්වරුවේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර තිබේ.