අයවැයෙන් රජයේ සේවක පැතුම් සුන් වෙයි? වැටුප් වැඩිවීමක් ගැන ඇහෙන දේ

Report

ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීමට අදාළ සුබෝධනී කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අවධානය යොමුකර නැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං පවසයි.

 කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙවර අයවැයෙන් ගුරු, විදුහල්පති ඇතුළු රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුව සිටි බවත්,ගුරු වැටුප් විෂමතාව ඉවත්කර ගැනීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරු විශාල අරගලයක් සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අතුරුදහන් වූ සෙව්වන්දි මිලදී ගත් සිම්පතක් ගැන අනාවරණයක්

අතුරුදහන් වූ සෙව්වන්දි මිලදී ගත් සිම්පතක් ගැන අනාවරණයක්

අදාළ වැටුප් විෂමතාවයෙන් 1/3 ක් ලබාදීමට 2022 වසරේදී කටයුතු කළද එය ලබා දුන්නේද සුබෝධනී කමිටු වාර්තාවට අනුව බවත්,ඉතිරි 2/3 ක ලබා ගැනීම සඳහා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඉකුත් වසරේදී දැවැන්ත අරගලයක් සිදුකළ බවද ඔහු සඳහන් කළේය.

මෙවර අයවැය තුළ සුබෝධනී කමිටු වාර්තාව සම්බන්ධව කිසිදු සඳහනක් නොමැති බවත්,එය බරපතළ ප්‍රශ්නයක් බවත්,වැටුප් ව්‍යුහ අනුව විදුහල්පති සේවාව හත්වැනි ස්ථානයේද,ගුරු සේවාව අටවැනි ස්ථානයේද පවතින බව අගමැතිවරිය ප්‍රකාශ කළද එය වැරැදි තොරතුරක් බවත්,වැටුප් ව්‍යුහය අනුව ගුරු සේවාව පවතින්නේ 12 වැනි ස්ථානයේ බවද ඔහු කියා සිටියේය.

ගුරු ශ්‍රේණියට පහළින් සිටි විශේෂ ශ්‍රේණියේ හෙදියන්,කළමනාකරණ සේවයේ අධි පන්තිය සහ පොලිසියේ,වැටුප් ව්‍යුහ 1997 වසරින් පසු ඉහළට ගොස් තිබෙන බවද ඔහු පැවසීය.

ගුරු සේවයේ පුරප්පාඩු 30,000 ක් පවතින බැවින් ගුරු පුරප්පාඩු සපුරාලීමට කටයුතු කළයුතු බවත්, පාසල්වල නඩත්තු සඳහා ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බවද ලේකම්වරයා කියා සිටියේය.

පාසල් දරුවන්ගේ උපකරණ සඳහා අය කරන සියයට 18 ක වැට් බද්ද ඉවත් කිරීමට මෙතෙක් කටයුතු කර නැතැයිද ඔහු කියා සිටියේය.

 

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට