බීමතින් පාසලට පැන්න පොලිස් නිලධාරියා සිසුවියන්ව අපයෝජනය කිරීමේ උත්සාහයක.

Report

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමතින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් පාසල් සිසුවියන්ව වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක්කිරීමට තැත් කළ පුවතක් වාර්තා වෙනවා.

අදාළ පොලිස් නිලධාරියා මල්ලාවි පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක් බව සඳහන්.

පාසල් ක්‍රීඩා තරග සඳහා පාසල් වේලාවෙන් පසුව රැඳී සිටි පාසල් සිසුවියන්ව මෙලෙස අපයෝජනයට ලක්කිරීමට තැත් කර ඇති අතර, එහි වූ පිරිස පොලිස් නිලධාරියාට පහරදෙන අයුරු ජංගම දුරකථනයක ද සටහන්ව තිබෙනවා.

ඒ, අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් මල්ලාවිය පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, අදාළ පොලිස් නිලධාරියාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතයි.

ඔන්න දැන් සෙල්ලම් දාලා ඉවරයි. - මේ දේ කළොත් කෙලින්ම සේවය අත්හිටුවයි. - විශේෂ නිවේදනයකුත් නිකුත් කෙරේ.

ඔන්න දැන් සෙල්ලම් දාලා ඉවරයි. - මේ දේ කළොත් කෙලින්ම සේවය අත්හිටුවයි. - විශේෂ නිවේදනයකුත් නිකුත් කෙරේ.

සෝලා විදුලිය සීමා කරන්න විදුලි බල මණ්ඩලය විශේෂ තීරණයක.?

සෝලා විදුලිය සීමා කරන්න විදුලි බල මණ්ඩලය විශේෂ තීරණයක.?


You May Like This Video👇