ඔන්න දැන් සෙල්ලම් දාලා ඉවරයි. - මේ දේ කළොත් කෙලින්ම සේවය අත්හිටුවයි. - විශේෂ නිවේදනයකුත් නිකුත් කෙරේ.

By Wayomi Feb 18, 2025 04:29 AM GMT
Report

වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධරයන්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අනාවරණය කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, අනුව ඉහත සඳහන් පොලිස් නිලධරයින් සේවයේ පිහිටුවීමට හෝ නැවත සක්‍රීය සේවයට එක් කිරීමට පෙර පොලිස් රෝහලේදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට අදාළ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

කිසියම් නිලධරයෙක් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වන්නේ නම් එම නිලධාරියා වෙත නැවත සේවය පිහිටුවීම හෝ නැවත සක්‍රීය සේවයට එක්වීමට අවස්ථාව ලබා නොදෙන බව වැඩ බලන පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් දන්වා ඇත.

විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කෙරේ. - එය සිදු වන්නේ මේ විදිහට.

විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කෙරේ. - එය සිදු වන්නේ මේ විදිහට.

මෙවර අයවැයෙන් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10ක්.

මෙවර අයවැයෙන් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10ක්.


You May Like This Video👇