උපාධිධාරීන්ට ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු රැසක් - ගැසට් පත්‍රය නිකුත් වේ - අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මෙන්න

Report

ශ්‍රී ලංකා පොලිසියට උපසේවා යටතේ සහ ද්විතීයන පදනම මත (රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින්ගෙන්) ආධුනික සහකාර පොලිස් අධිකාරී (පිරිමි/ කාන්තා) පහත තනතුරුවලට බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ශ්‍රී ලංකා පොලීසිය උප සේවා සහකාර පොලිස් අධිකාරී තනතුර (පිරිමි/කාන්තා) (උප සේවා යටතේ සහ ද්විතීයන පදනම මත)

ගැසට් පත්‍ර අංකය- 2504

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය -2026.09.30

a) තොරතුරු තාක්ෂණ තනතුර

b) වාස්තු විද්‍යාඥ තනතුර

c) ගෘහ නිර්මාණ ශිල්පි තනතුර

d) විදුලි ඉංජිනේරු තනතුර

e) සිවිල් ඉංජිනේරු තනතුර

f) විදුලි සංදේශ ඉංජිනේරු තනතුර

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

01. මූලික සුදුසුකම්

01.1. අධ්‍යාපන සුදුසුකම් තොරතුරු තාක්ෂණ තනතුර

(i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව හෝ පරිගණක විද්‍යාව විෂයයක් ලෙස සමත් විද්‍යාවේදී උපාධියක් ලබා තිබීම හෝ (ii) ඉහත (i) හි සඳහන් උපාධියට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන අධ්‍යයන අවශ්‍යතා සම්පූර්ණ කර ඊට අදාල වලංගු සහතික ලබා තිබීම.

වාස්තු විද්‍යාඥ තනතුර සහ ගෘහ නිර්මාණ ශිල්පි තනතුර

(i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ සංගමය විසින් පිළිගනු ලැබ ඇති විශ්වවිද්‍යාලයකින් වසර 04ක පූර්ණ කාලීන වස්තු විද්‍යාඥ උපාධියක් ලබා තිබීම හෝ

(ii) ඉහත (i) හි සඳහන් උපාධියට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ සංගමය විසින් පිළිගනු ලැබු අධ්‍යයන අවශ්‍යතා සම්පුර්ණ කර ඊට අදාළ වලංගු සහතික ලබා තිබීම. විදුලි ඉංජිනේරු තනතුර

(i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබ ඇති විශ්ව විද්‍යාලයකින් වසර 04 ක පූර්ණ කාලීන විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව හෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබඳ උපාධියක් ලබා තිබීම. හෝ

(ii) ඉහත (i) හි සඳහන් උපාධියට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබු අධ්‍යයන අවශ්‍යතා සම්පුර්ණ කර ඊට අදාළ වලංගු සහතික ලබා තිබීම. සිවිල් ඉංජිනේරු තනතුර

(i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබ ඇති විශ්වවිද්‍යාලයකින් වසර 04ක පූර්ණ කාලීන සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබීම හෝ

(ii) ඉහත (i) හි සඳහන් උපාධියට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබු අධ්‍යයන අවශ්‍යතා සම්පූර්ණ කර ඊට අදාල වලංගු සහතික ලබා තිබීම.

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

* විදුලි සංදේශ ඉංජිනේරු තනතුර

(i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබ ඇති විශ්වවිද්‍යාලයකින් වසර 04 ක පූර්ණ කාලීන විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව හෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබීම. හෝ

(ii) ඉහත (i) හි සඳහන් උපාධියට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබු අධ්‍යයන අවශ්‍යතා සම්පුර්ණ කර ඊට අදාළ වලංගු සහතික ලබා තිබීම.

1:2 වෘත්තිය සුදුසුකම්

* විදුලි ඉංජිනේරු / සිවිල් ඉංජිනේරු තනතුර/ විදුලි සංදේශ ඉංජිනේරු තනතුර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය (Associated Membership) ලබා තිබීම හෝ පූර්ණ සාමාජිකත්වය ( Corperate Membership ) ලබා තිබීම.

* තොරතුරු තාක්ෂණ තනතුර පරිගණක මෘදුකාංග හෝ පරිගණක දත්ත පද්ධති හෝ පරිගණක ජාල පද්ධති හෝ පරිගණක වෝහාරික හෝ යන විෂයය ක්ෂේත්‍රයන්ගෙන් එක් ක්ෂේත්‍රයකට අදාලව පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කිරීම.

* වාස්තු විද්‍යාඥ තනතුර / ගෘහ නිර්මාණ ශිල්පි තනතුර වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ ආශ්‍රිත සාමාජිකත්වය (Associated Membership) ලබා තිබීම හෝ පූර්ණ සාමාජිකත්වය ( Corperate Membership ) ලබා තිබිම.

1:3 වෘත්තිය පළපුරුද්ද

* විදුලි ඉංජිනේරු / සිවිල් ඉංජිනේරු/ වාස්තු විද්‍යාඥ / ගෘහ නිර්මාණ ශිල්පි තනතුර /විදුලි සංදේශ ඉංජිනේරු තනතුර උපාධිය ලබා ගැනීමෙන් පසුව අවම වශයෙන් තුන් අවුරුදු කාලයක් අදාල ක්ෂේත්‍රයේ පිළිගත් ආයතනයක සේවා පළපුරුද්ද.

*තොරතුරු තාක්ෂණ තනතුර පරිගණක මෘදුකාංග හෝ පරිගණක දත්ත පද්ධති හෝ පරිගණක ජාල පද්ධති හෝ පරිගණක වෝහාරික හෝ යන විෂයය ක්ෂේත්‍රයන්ගෙන් එක් ක්ෂේත්‍රයකට අදාලව පිළිගත් ආයතනයක පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස අවම වශයෙන් වසර තුනක වෘත්තිය පළපුරුද්ද ලබා තිබීම.

5:4 කායික සුදුසුකම් (සියලු තනතුරු සඳහා)

I. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා සහ තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා සුදුසු ශාරිරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.

II. පිරිමි - උස අඩි 05 අඟල් 06 ට නොඅඩු විය යුතු අතර, පපුව හුස්ම නාල්ලා අඟල් 32ට නොඅඩු විය යුතුය. කාන්තා - අඩි 05 අඟල් 04 ට නොඅඩු විය යුතුය.

(විශේෂ සුදුසුකම් සහ ප්‍රවීණතාවයන් සහිත අයදුම්කරුවන් සම්බන්ධයෙන් පොලිස්පතිගේ අභිමතය පරිදි මෙම උස සීමාවන් සහ පපුව අදාල සීමාවන්ගෙන් අපගමනය විය හැක.)

5:5 විවාහක හෝ අවිවාහක (පිරිමි/කාන්තා) දෙපාර්ශවයටම අයදුම් කළ හැක.

5:6 වයස ගැසට් නිවේදනය අනුව අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 25 - 45 ත් අතර විය යුතුය.