කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කරයි
පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, ඔහු පළමු වරට ටෙස්ට් නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.
නම් කළ සංචිතයට නවක ක්‍රීඩක අංජල බණ්ඩාර ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
එමෙන්ම, පැතුම් නිස්සංකගේ සහභාගිත්වය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව අනුව තීරණය කිරීමට නියමිත බව සඳහන් වේ.
ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 9 වැනිදා ආරම්භ වන අතර, එය නොවැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. තරගාවලිය රාවල්පිණ්ඩි සහ ලාහෝර් යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ පාකිස්තානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි - සංජනාගේ ඉනිමෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
පැතුම් නිස්සංක
පසිඳු සූරියබණ්ඩාර
දිනේෂ් චන්දිමාල්
කමිඳු මෙන්ඩිස්
සොනාල් දිනූෂ
කුසල් මෙන්ඩිස් (නායක)
ධනංජය ද සිල්වා
අංජල බණ්ඩාර
කේෂර නුවන්ත
ප්‍රභාත් ජයසූරිය
මිලාන් රත්නායක
ලහිරු කුමාර
අසිත ප්‍රනාන්දු
දිල්ෂාන් මධුශංක
එෂාන් මාලිංග