අම්මෝ ඇග කිළිපොලා යන හෙළිදරව්වක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 10% ප්‍රමාණයක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව වාර්තා වේ.
ඒ අනුව හෙට දිනයේ යෙදී ඇති ලෝක මානසික සෞඛ්‍ය දිනය සදහා ඊයේ දවසේ කොළඹ පැවති ජාතික සැමරුම් උත්සවයට සහභාගී වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉහත කී ප්‍රමාණයෙන් 2% බරපතල මානසික රෝගවලින් පීඩා විදින බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට ජනතාවගේ මානසික සෞඛ්‍ය පිළිබදව ඇති උනන්දුව අඩු බවත් පවතින තත්ත්වයට වඩා ජනතාව සිය මානසික සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කළ යුතු බවත්ය.
රජය විසින් පසුගිය වසරේදී රුපියල් මිලියන 250ක මුදල් ප්‍රමාණයක් මානසික සෞඛ්‍ය සදහා වෙන් කල අතර පවතින තත්වය වෙනස් කිරීමට නම් සියලු දෙනා මානසික සෞඛ්‍ය පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.