සුභ ආරංචියක් - ඉන්දියානු සාගරය සදාකාලිකවම “සාම කලාපයක්” ලෙස එක්සත් ජාතින් ප්‍රකාශයට
1971 අංක 2832 දරන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, ඉන්දියානු සාගරය සදාකාලිකවම “සාම කලාපයක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වන මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ පවසනවා.
ඔහු පවසා ඇත්තේ, " @UN 1971 අංක 2832 දරන මහා සභා රැස්වීමේදී, ඉන්දියානු සාගරය සදහටම "සාම කලාපයක්" ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. @MFA_SriLanka සහ @MFATanzania විසින් ආරම්භ කරන ලද එය, මිලිටරි උත්සන්න වීම නැවැත්වීම, විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම සහ ප්‍රදේශය න්‍යෂ්ටික අවි වලින් තොර බව සහතික කිරීම සඳහා ඉල්ලා සිටියේය."
The @UN General Assembly Res 2832 of 1971, declared Indian Ocean a "Zone of Peace" for all time. Initiated by @MFA_SriLanka & @MFATanzania , it called for halting military escalation, eliminating foreign military bases, and ensuring the area remains free of nuclear weapons
— Marc-André Franche (@MAFrancheUN) March 5, 2026