ශ්‍රී ලංකාව ලකුණු 140ක් ඉදිරියෙන් - කොදෙව්වන් සමඟ කරට කර තියුණු සටනක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 92ක් රැස් කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාව මේ වන විට කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 142ක සමස්ත ඉදිරියක් හිමිකරගෙන සිටියි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 549කට අත්හිටුවීය.
එම ඉනිමේ කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ ළහිරු උදාර පන්දු 248කදී හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 188ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 499ක් ලබා ගත්තේය.
කොදෙව් ඉනිම වෙනුවෙන් ජස්ටින් ග්‍රීව්ස් පන්දු 325කදී නොදැවී ලකුණු 180ක් රැස් කළ අතර, ශයි හෝප් ලකුණු 112ක් සහ ජෝන් කැම්බල් ලකුණු 72ක් ලබාදෙමින් සාර්ථක ඉනිම් ක්‍රීඩා කළහ. ලකුණු 50ක පළමු ඉනිමේ වාසියක් සමඟ දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට මුල් කඩුලු දෙක ලකුණු 32ක් තුළ අහිමි වූයේ ළහිරු උදාර ලකුණු නොලබාත්, නිශාන් මධුෂ්ක ලකුණු 20කටත් දැවී යාමත් සමඟය.
කෙසේ වෙතත්, තෙවැනි කඩුල්ල සඳහා එක්වූ දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 60ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.හෙට තරගයේ තීරණාත්මක අවසන් දිනය අරාම්භ විමට නියමිතයි.