පළමු දිනම ශ්රී ලංකාව දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් ප්රබල තැනක
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස් කරමින් ඉතා ශක්තිමත් ස්ථානයකට පත්වීමට සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 25ක් ඇතුළත දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුවද, ඉන්පසු පිටියට පිවිසි නවක ක්රීඩක ළහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් එක්ව ඉනිම ගොඩනැගූහ.
ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 255කදී ලකුණු 215ක අගනා සබඳතාවයක් ගොඩනැඟීමට සමත් වූහ. විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසුවීමෙන් මෙම සබඳතාවය බිඳ වැටුණි.
තමන් ක්රීඩා කරන තෙවන ටෙස්ට් තරගයේදීම සිය පළමු ද්විත්ව ශතකය පෙනි පෙනී සිටි ළහිරු උදාර අවාසනාවන්ත ලෙස ලකුණු 188කට දැවී ගියේය. නායක ධනංජය ද සිල්වා ලකුණු 33කට දැවී ගිය අතර, පන්දු යැවීමේදී කොදෙව් පිල වෙනුවෙන් ෂමාර් ජෝසප් කඩුලු 2ක් බිඳ හෙලීය. පළමු දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනූෂ දෙවන දිනය සඳහා හෙට ඉනිම ආරම්භ කිරීමට නියමිතය.