ශ්‍රී ලංකා - ඉන්දීය තීරණාත්මක සටන අද.
By Wayomi
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන පන්දුවාර 20යි 20 තරඟය අද පැවැත්වෙනවා.
එය ඉන්දියාවේ රාජ්කොට්හිදී ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ටයි.
ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර 20 තරඟාවලියට තරඟ 3ක් ඇතුළත්.
එහි පළමු තරඟයෙන් ඉන්දියාව ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කළා.
දෙරට අතර දෙවන තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 16ක විශිෂ්ට ජයක් හිමි වුණා.
ඒ අනුව තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජයගත යුතුයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |