එක පෑන් පහරින් ට්‍රම්ප් ලොවම කලඹනකොට ඇමති හදුන්, ට‍්‍රම්ප්ට රිදෙන්නම කියයි!

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් නව තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට හතළිස් හතක නව තීරුබද්ද මේ මොහොතේ ශ්‍රී ලංකාවට තර්ජනයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඉදිරියේදී මෙම නව තීරුබදු ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ඇමරිකාව විසින් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ඇති කර ගන්නා වෙළඳ බාධක හරහා ශ්‍රී ලංකාවට ලෝකයේ නව වෙළඳපොළවල් විවෘත වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

කොටස් වෙළඳපොළ පහළ වැටුනේ ට්‍රම්ප් හින්දද?

කොටස් වෙළඳපොළ පහළ වැටුනේ ට්‍රම්ප් හින්දද?

එබැවින්, වත්මන් තත්ත්වය බාධාවක් ලෙස නොසලකා එය අවස්ථාවක් ලෙස භාර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය. ඇමරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

බද්ද වැළැක්වීමට රජය අසමත් වූ බවට විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවසුවේ, එවැනි තත්ත්වයකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ අමාත්‍යාංශ, විශේෂඥ කණ්ඩායම් වැනි අදාළ ආයතන සමඟ රජය සාකච්ඡා කර ඇති බවයි.

ට්‍රම්ප්ගේ තීරු බදු ගැන හොයන්න ජනපති අනුරගෙන් කමිටුවක්!

ට්‍රම්ප්ගේ තීරු බදු ගැන හොයන්න ජනපති අනුරගෙන් කමිටුවක්!