ඉන්ධන ආනයනය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවටම දැනුම්දීමක්

Report

වසරේ මුල් මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3,622ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මහ බැංකුව පෙන්වා දෙනුයේ එය ඉකුත් 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 59.9%ක ඉහළ යෑමක් වන බව‍යි.

එසේම මාසික ඉන්ධන ආනයන වියදම සලකා බැලීමේදී ඉකුත් ජූලි මාසයේදී ඉන්ධන ආනයනයට රජය අමෙරිකානු ඩොලර් මිලියන 453ක්ද වැය කර ඇති බව මහ බැංකුව මේ සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාවේ දක්වා ඇත.

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

කෙසේ වුවද එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව අඩු වීමක් බව පෙන්වා දෙයි.

එසේම ඉන් සඳහන් කර ඇත්තේ ඉකුත් ජූනි මාසයේදී ඉන්ධන ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 465ක් වැය කර තිබෙන බවයි.

එසේ වුවත් මෙම වසරේ ජූලි මාසයේදී ඉන්ධන ආනයන වියදම ගිය 2025 වසරේ ඉන්ධන ආනයන වියදම වාර්ශික ලක්ෂ්‍යමය පදනම මත 68%කින් ඉහළ ගොස් තිබෙන බවත් මේ වෙනුවෙන් ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බොරතෙල් ආනයනය බවත් මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇති බව සඳහන්.

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න