ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සූර්ය විදුලිය ගබඩා කරන්න යෝධ "ජල බැටරියක්."
ශ්‍රී ලංකාවේ ප්‍රථම "ජල බැටරිය" වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කිරීමට නියමිතයි.
ඒ අනුව, මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයනු ලැබේ.
ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ, 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුර්නජනනීය ප්‍රභවයන්ගෙන්, උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් බවයි.
එම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක්, කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මකවන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක්.
ඒ අනුව විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මෙමගින් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුනර්ජනනීය බල ශක්තිය කරා යන පරිවර්ථනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගන්නා බවයි.
You May Like This Video👇
