ඉතිහාසයේ වැඩිම විනිමය අනුපාතයක් ගෙන එන වසර

Report

 විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරන්නේ ඉතිහාසයේ වැඩිම විනිමය අනුපාතයක් ගෙන එන වසර මෙය බවයි .

තවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 7යි දශම 5ක විනිමය අනුපාතයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවයි .

විදේශ ගත ශ්‍ර්‍රි ලාංකිකයන් ශ්‍රමිකයන් විශාල විදේශ විනිමයක් ළගා කරන බව    ද    එතුමා  සදහන් කර තිබේ.

 තවද මහ බැංකුව සදහන් කරන්නේ ශ්‍රී ලංකාව 2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,659ක් බවයි .

ඒ වගේම 2025 ඔක්තෝබර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 186යි දශම 1ක් වේ 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 2,533යි දශම7 හා සැසඳීමේ දී මෙය සියයට 4යි දශම 9ක වර්ධනයක් සටහන් කරන බව මහ බැංකුව සදහන් කරයි.

කොටහේන ඝාතනයට කාන්තාවක් අත්අඩංගුවට

කොටහේන ඝාතනයට කාන්තාවක් අත්අඩංගුවට

2025 ජනවාරි සිට නොවැම්බර් 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දහනව ලක්ෂ 72,957ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වාර්තා වේ.

ඒ අතරින් ඉන්දියාවෙන් සංචාරකයින් හාර ලක්ෂ 43,622ක් පැමිණ ඇත්තේ සංචාරකයින් එක් ලක්ෂ 80,592ක් එක්සත් රාජධානියෙන් සහ එක් ලක්ෂ 44,308ක් රුසියාවෙන් මෙරටට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ එක් ලක්ෂ 23,053ක් ජර්මනියෙන් සහ එක් ලක්ෂ 15,400ක් චීනයෙන් පැමිණි බව වේ.

ඒ අනුව නොවැම්බර් මාසයේ පළමුවනදා සිට 12 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,270 කි.

මෙම කාරණා හේතුවෙන් මෙය ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය අනුපාතයක් ගෙන එන වසර මෙය විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

ආයෙත් උඩ යන රන් මිල - මෙහෙම ගියොත් ආසාවටවත් ගන්න වෙන්නේ නැහැ

ආයෙත් උඩ යන රන් මිල - මෙහෙම ගියොත් ආසාවටවත් ගන්න වෙන්නේ නැහැ